Home World News Room : සිරි­යාවේ යළි සිවිල් ගැටුම් පැති­රෙයි

News Room : සිරි­යාවේ යළි සිවිල් ගැටුම් පැති­රෙයි

0
0

සිරි­යානු රජයේ හමු­දාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිත­වාදී සන්නද්ධ කණ්ඩා­යම් අතර ගැටුම් උත්සන්න වී ඇතැයි ද, රට පුරා සිවිල් යුද්ධ­යක් ව්‍යාප්ත වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ වන විට එම ගැටුම් සිරි­යාවේ ප්‍රධාන නග­ර­වන දම­ස්කස් සහ ඇලෙප්පෝ දක්වා පැතිරී ගොස් ඇති බවත්, දින තුනක් ඇතු­ළත එරට පුද්ග­ල­යන් 1,300ක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බවත් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර­ගත් සිරි­යානු මානව හිමි­කම් නිරී­ක්ෂණ කණ්ඩා­ය­මක් නිවේ­ද­නය කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මියගිය අය­ගෙන් 973 දෙන­කුම සිවිල් වැසි­යන් වන බවත් වාර්තා වේ.

රට තුළ උද්ගත වූ සිවිල් ගැටුම් නැවැ­ත්වීම සඳහා පිය­වර ගන්නා බව සඳ­හන් කර ඇති සිරි­යානු අන්ත­ර්වාර රජයේ ප්‍රධා­නියා වන අහ­මඩ් අල් ෂාරා වග­කිව යුතු පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද ප්‍රකාශ කර තිබේ. බෂාර් අල් අසාද්ගේ පාල­නය බිඳ වැටී­මෙන් පසු සිරි­යාවේ ආරම්භ වූ පළමු සිවිල් ගැටුම මෙය වන අතර, සිවිල් වැසි­යන් මියයෑම පිළි­බඳ එක්සත් ජාතීන්ගේ දැඩි අව­ධා­නය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

 

The post සිරි­යාවේ යළි සිවිල් ගැටුම් පැති­රෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here