Home World News Room : නීති­ වි­රෝධී ප්‍රති­නැ­ව්ගත කිරීම් වැළැ­ක්වී­මට අමෙ­රි­කා­වෙන් විම­ර්ශ­න­යක්

News Room : නීති­ වි­රෝධී ප්‍රති­නැ­ව්ගත කිරීම් වැළැ­ක්වී­මට අමෙ­රි­කා­වෙන් විම­ර්ශ­න­යක්

0
0

තුන්වැනි පාර්ශ්ව රටක් හරහා නීති විරෝධී ලෙස නිෂ්පා­දන මෙහෙ­ය­ව­මින් අමෙ­රි­කානු වෙළෙඳ නීති මඟහරින සමා­ග­ම්ව­ලට එරෙ­හිව පරි­ක්ෂණ පව­ත්වන ලෙස එරට නීති­ප­ති­ව­ර­යාට සහ අභ්‍ය­න්තර ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට ලිපි යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ලිපිය යොමු කර ඇත්තේ චීන ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ සොයා බැලීමේ විශේෂ කමි­ටු­වක් විසින් බවත්, එම කමි­ටුවේ සභා­පති ජෝන් මූල­නාර් සහ සාමා­ජික රාජා ක්‍රිෂ්ණ­මූර්ති එම ඉල්ලීම ඉදි­රි­පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

රට­වල් අතර පව­තින වෙළෙඳ සීමා කිරිම් සහ තහ­නම් කිරීම් මඟහැරී­මට තුන්වැනි රටක් හරහා භාණ්ඩ ප්‍රවා­හ­නය කිරීමේ හැකි­යාව ඇති ප්‍රති­නැ­ව්ගත කිරීම භාවිත කර­මින් චීන සමා­ගම් නීති­ වි­රෝධී වෙළෙඳ ක්‍රියා­කා­ර­ක­ම්වල නිර­තව සිටින බවත්, අමෙ­රි­කානු වෙළෙඳ ක්ෂේත්‍ර­යට තර්ජ­න­යක් එල්ල වන එවැනි විදේ­ශීය වෙළෙඳ උප­ක්‍රම විම­ර්ශ­න­ය­කට ලක් විය යුතු බවත් එම ලිපි­යෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here