Home World News Room : වැඩි වැටුප් ඉල්ලා ජර්ම­නියේ ගුව­න්තො­ටු­පොළ සේව­කයෝ වැඩ වර්ජ­න­යක

News Room : වැඩි වැටුප් ඉල්ලා ජර්ම­නියේ ගුව­න්තො­ටු­පොළ සේව­කයෝ වැඩ වර්ජ­න­යක

0
0

වැටුප් වර්ධක ඉල්ලා ජර්ම­නියේ ගුව­න්තො­ටු­පොළ කාර්ය මණ්ඩල ඊයේ දීප­ව්‍යාප්ත එක්දින වැඩ වර්ජ­න­යක් ආරම්භ කිරී­මෙන් ගුවන් ගමන් 1,770ක් අව­ලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බර්ලින් ඇතුළු ප්‍රධාන නග­ර­වල පිහිටි ගුව­න්තො­ටු­පොළ සිය­ල්ලේ­හිම පැමි­ණීමේ සහ පිට­ත්වීමේ ගුවන් ගමන් අව­ලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ෆ්‍රැන්ක්ෆර්ට් ඇතුළු ගුව­න්තො­ටු­පොළ 13ක කාර්ය මණ්ඩල වැඩ­ව­ර්ජ­න­යට එක්වී සිටි අතර, පව­තින තත්ත්වය හේතු­වෙන් මියු­නිච් ගුව­න්තො­ටු­පොළේ තවත් ගුවන් ගමන් 820ක් පමණ අව­ලංගු කිරී­මට සිදු­වනු ඇතැයි ද වාර්තා වේ.

8%ක වැටුප් වර්ධ­ක­යක් හෝ යුරෝ 350ක වැටුප් වර්ධ­ක­යක් ඉල්ලා ගුව­න්තො­ටු­පොළ වෘත්තිය සමිති ආරම්භ කළ එම

වැඩ වර්ජ­නය හේතු­වෙන් ලක්ෂ 5කට අධික ගුවන් මගීන් සංඛ්‍යා­වක් දුෂ්ක­ර­තා­වට පත්ව ඇති අතර, ගුව­න්තො­ටු­පොළ වෙත යෑමෙන් වළ­කින ලෙස එරට ගුවන් සේවා බල­ධා­රින් සියලු මගීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ. නිවාඩු සමය ආර­ම්භ­යේදී කිසිදු පූර්ව දැනු­ම්දී­ම­කින් තොරව වැඩ වර්ජ­න­යක් ආරම්භ කිරීම ගැන ගුව­න්තො­ටු­පොළ වෘත්තිය සමි­ති­ව­ලට දැඩි චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here