Home Politics News Room : කෘෂි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කරනවා

News Room : කෘෂි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කරනවා

0
0

කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් ගොවි ජනතාව නඟාසිටුවමින් ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක් රට තුළ ස්ථාපිත කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසීය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

“පොහොර සහනාධාරය ලබාදීම අපි සිදු කරනවා. සහල්වල බද්ද කලින් තිබූ බද්දක්. මේ බද්ද රුපියල් දෙකට අඩු කර ජනතාවට සහන දුන්නා කියලා නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ බදු අඩු කිරීම නිසා ගොවියාගේ වී මිල අඩුවෙනවා. හිරවුණු සහල් ටිකක් තිබෙනවා. ඒ සහල් ගෙන්වා ගැනීම සඳහා තමයි මේ බද්ද ගැසුවේ. ගොවියා සහ පාරිභෝගිකයා දෙන්නාම මංකොල්ලකෑමට තමයි මේ බද්ද ගසා තිබෙන්නේ කියලා අපි කීවා. එය මාධ්‍යයේ ගියා. ඒ විදියටම සිදු වුණා. රුපියල් දෙකේ බද්ද සතියක්වත් තිබුණේ නැහැ. සීනි බදු වංචාව වගේම සුදුලූනු බද්ද වගේම එදා සහල්වලින් ගැසුවේ එහෙමයි. වීවල සහතික මිල ගැනත් විපක්ෂය ප්‍රකාශ කළා. නිෂ්පාදන වියදම අපි ගණන් හදනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාරඹේ මහතා ගණන් හැදුවා මේවාට. ඒ ගණන් හැදීමේ ලොකු වෙනසක් නැහැ. අපේ ඉලක්කවලට යාම සඳහා අපි සියලුදෙනා විශාල පරිශ්‍රමයක් දරනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට අපි පිළිතුරු සපයමින් සිටිනවා. ගොවියා පාරට බහින කාරණා නතර කිරීමට අපි කටයුතු කළා. ඔවුන්ට සාධාරණයක් ඉටුකරමින් තමයි ඒ නතර කරවීම කළේ. ගොවියා රැකීමට අපි බැඳී සිටිනවා. සාධාරණ වී මිලක් ගොවියාට ලැබිලා තිබෙනවා. වී අලෙවි මණ්ඩලය සක්‍රිය කරන්න කියන සටන් පාඨයත් ගොවියාගෙන් ආවා. අද එය සක්‍රිය කර තිබෙනවා. ඒ නිසා අද ගොවියාට ඒ සටන් පාඨය නැහැ. පිට පිට වාර දෙකක් ගොවියාගේ වගාවන්ට හානි සිද්ධ වුණා. සොච්චමයි ඒ හානිවලට වන්දි දෙන්නේ. අපි වන්දි ගෙවීම් කළා. ලක්ෂ 1420ක් යල කන්නයට ගෙව්වා. ගිය ආණ්ඩුව ගෙවන්න තිබූ එකක් තමයි අපි ගෙව්වේ. වෙනදාට වන්දි ඉල්ලා ගොවියා පාරට බහිනවා. සටන් පාඨවලට නැවතීමේ තිත අපි තැබුවා.

මිල්කෝ ඇතුළු වටිනා සම්පත් විකුණන්න පසුගිය ආණ්ඩුව කටයුතු කළා. මිල්කෝ ආයතනයෙන් රුපියල් මිලියන 540ක් ගොවියාට ගෙවන්න තිබුණා. එයටත් විසඳුමක් ලබාදීමට අපි කටයුතු කළා. අද මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත්කළා.

එක ගහකින් පොල් ගෙඩි 80 ක් ගන්නවා කියන ඉලක්කයක් අපට තිබෙනවා. ඒකෙන් කියන්නේ නැහැ හැම ගහකින්ම පොල් ගෙඩි 80ක් ගන්නවා කියලා. වගා කරන බෝගයට ගැළපෙන ආකාරයට අපි අස්වැන්න ලබාගන්නවා. “එක මිටට ගොවි බිමට” වැඩසටහන තුළින් කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. ගොවිජන දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එක්ව ඉලක්කගතව කටයුතු කරනවා. අඩු වියදමකින් වැඩි නිෂ්පාදනයක් ගැනීමට අපි කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here