14
යුක්රේන යුද්ධයට තාවකාලික සටන් විරාමයක් සඳහා ගිවිසුමකට එළැඹිමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම රුසියාවේ මොස්කව් නුවරට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මොස්කව් නුවර ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු නියෝජිත කණ්ඩායම සහ රුසියානු නියෝජිතයන් අතර සාකච්ඡා අද ආරම්භ වීමට නියමිත බවය.
අමෙරිකානු නියෝජිතයන්ගේ රුසියානු සංචාරය ආරම්භ වූයේ රුසියානු – යුක්රේන යුද ගැටුමට විසඳුම් සෙවීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ සටන් විරාම යෝජනාවට යුක්රේනය එකඟතාව පළ කිරීමෙන් පසුව බවත්, සටන් විරාම ගිවිසුම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් එකඟ කරගැනීම එම සංචාරයේ අරමුණ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඇතුළු නියෝජිතයන් රැගත් ගුවන්යානය ඊයේ මොස්කව් නුවරට ළඟා වී ඇති අතර, සටන් විරාම ගිවිසුම සම්බන්ධව අවසන් තීරණය පුටින්ගේ එකඟතාව මත සිදුවනු ඇතැයි ද වාර්තා වේ. සටන් විරාම යෝජනාවට එකඟවීම නිසා නැවත යුක්රේනයට හමුදා සහ බුද්ධි සහාය ලබාදීමට අමෙරිකාව කැමැත්ත පළ කළ ඇති අතර, අමෙරිකා – යුක්රේන ඛනිජ සම්පත් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට තීරණය වී ඇතැයි වාර්තා වේ.