12
පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහනවයකට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේදී පසුගියදා (14) ඇප මුදල් තැන්පත් කළහ.
කණ්ඩායම් නායකයා ලෙස එක්ව සිටි ජාතික ජන බලවේගයේ කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුහු ඇප මුදල් තැන්පත් කළහ.
පළාත් පාලන මැතිවරණය අපි ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා. ලක් පොළොවේ අපේ පක්ෂයට අභියෝග කරන්න වෙන කිසිම පක්ෂයකට බැහැයැයි මෙහිදී නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිනි හේමමාලී වීරසේකර සහ ආචාර්ය සඳුන් යාපා කරුණාරත්න ඇතුළු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් ඇප මුදල් තැන්පත් කළහ.