13
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකාරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කරුණු 11කින් නිකුත් කර ඇති මෙම නිවේදනය මඟින් එම කොමිසම සඳහන් කර ඇත්තේ යම්කිසි අපේක්ෂකයකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මඟින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් වන බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරීමට හිමිකමක් නොමැති බවත්ය.
එමෙන්ම අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බවද එම නිවේදනයේ සඳහන් වේ.
බලය නොමැති තැනැත්තකු විසින් භාරදීම, නියමිත අපේක්ෂක සංඛ්‍යාව නොමැති වීම සහ නියමිත සංඛ්‍යාවට වඩා වැඩි අපේක්ෂකයන් ඇතුළත් කර තිබීම, පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ඇප තැන්පත් නොකිරීම, පක්ෂ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායම් නායකයා අත්සන් නොකිරීම ආදියයි. එසේම පක්ෂ ලේකම්ගේ හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගේ අත්සන, සාමදාන විනිශ්චයකරුවකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු සහතික කර නොතිබීම, නියමිත අපේක්ෂකයන් ගණන, තරුණ අපේක්ෂකයන් ගණන හා කාන්තා අපේක්ෂකයන් ගණන අන්තර්ගත නොවීම ද හේතු විය හැකිය.
තරුණ අපේක්ෂකයකු ලෙස නාමයෝජනා පත්‍රයේ සඳහන් කර ඇති අපේක්ෂකයකුගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්, උපන් දිනය සනාථ කරන දිවුරුම් ප්‍රකාශයක් යන දෙකෙන් එකක් ඉදිරිපත් නොකිරීම හෝ අඩුපාඩු සහිතව ඉදිරිපත් කිරීම, අපේක්ෂකයකු විසින් නාමයෝජනා පත්‍රයේ අත්සන් නොකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි උපලේඛනයේ දිවුරුම් ප්‍රතිඥාව නොතිබීම හෝ එහි යම් දෝෂසහගත බවත් තිබීම ආදිය ද හේතු වේ. නාමයෝජනා පත්‍රයේ නමක් පමණක් ප්‍රතික්ෂේප වන අවස්ථාවක ඉවත් කරනු ලබන අපේක්ෂකයා තරුණ (කාන්තා / පිරිමි) හෝ කාන්තාවක් වන්නේ නම්, අවම තරුණ හෝ අවම කාන්තා නියෝජනය සාක්ෂාත් නොවන බැවින් එම අවස්ථාවේදී සමස්ත නාමයෝජනා පත්‍රයම ප්‍රතික්ෂේප වන බව පිළිගත යුතුය.
නාමයෝජනා පත්‍රයේ නමක් පමණක් ප්‍රතික්ෂේප වන අවස්ථාවක අවම කරුණ හා අවම කාන්තා නියෝජනයට බාධාවක් නොවන්නේ නම් අදාළ අපේක්ෂකයාගේ නම පමණක් ප්‍රතික්ෂේප වන බව මේ නිවේදනය මඟින් දක්වා ඇත. එමෙන්ම මෙම අවස්ථාවල දී නුසුදුස්සකු වන බවට සොයා ගනු ලැබූ අපේක්ෂයාගේ නම පමණක් එම නාමයෝජනා පත්‍රයෙන් ඉවත්විය යුතු ය.
මෙම නම් සඳහා වෙනත් නමක් ආදේශ කිරීමට හිමිකමක් නොමැති අතර අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල රාජසන්තක වන බවද එහි දක්වා ඇත.
නාමයෝජනා කාලසීමාවට අදාළ තරුණ අපේක්ෂකයන්ගේ වයස් සීමාව ලෙස 2007.01.31 දිනට පෙර උපත ලද අය සහ 1990.03.20 දිනට පසුව උපන් සහ 2025.03.20 දිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතු බව එහි වැඩිදුරටත් දක්වා ඇත.