Home Politics News Room : දඹුල්ල ආස­නයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ නාම යෝජ­නා­ව­ලට...

News Room : දඹුල්ල ආස­නයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ නාම යෝජ­නා­ව­ලට අත්සන්

0
0

සුබ නැක­තට සෙත් පිරිත් සජ්ඣා­යනා මැද පුංචි ඡන්ද­යට දඹුල්ල ආස­න­යට ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණෙන් ඉදි­රි­පත් වන අපේ­ක්ෂක අපේ­ක්ෂි­කාවෝ දිස්ත්‍රික් නායක දඹුල්ල හිටපු නග­රා­ධි­පති ජාලිය ඕපාත මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් ඒ මහ­තාගේ නිව­සේදී පෙරේදා (15) නාම යෝජනා සඳහා අත්සන් තැබූහ. හිටපු නග­රා­ධි­පති ජාලිය ඕපාත මහතා මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් දඹුල්ල ආස­නයේ විශේෂ ජය­ග්‍ර­හ­ණ­යක් ලබන බවත් තුන්වෙනි වතා­ව­ටත් තමන් දඹුල්ලේ නග­රා­ධි­ප­ති­ව­රයා බවට පත්වන බවත් මෙහිදී පැව­සීය. කෙසේ වෙතත් දඹුල්ල ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­ප­ති­ව­රයා වන කේ. ජී. සෝම­ති­ලක මහතා පොහොට්ටු පක්ෂ­යෙන් නාම යෝජනා පත්‍ර අත්සන් කිරී­මට පැමිණ නොසි­ටීම පිළි­බ­ඳව මාධ්‍ය­වේ­දීන් විම­සීමේ දී කියා සිටියේ ඔහු අස­නීප තත්ත්ව­යක් නිසා අත්සන් කිරී­මට පැමිණ නොසිටි බවයි. දඹුල්ල ප්‍රාදේ­ශීය සභා­වට මෙවර භික්ෂුන් වහන්සේ නමක්ද නාම­යෝ­ජ­නා­ව­ලට අත්සන් තැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here