Home World News Room : මාල­දි­ව­යිනේ විදේශ ණය බර ඩොලර් බිලි­යන 3.4 දක්වා ඉහ­ළට

News Room : මාල­දි­ව­යිනේ විදේශ ණය බර ඩොලර් බිලි­යන 3.4 දක්වා ඉහ­ළට

0
0

දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටින මාල­දි­ව­යින ණය පැහැර හැරීමේ අව­දා­න­ම­කට ගොදු­රු­වෙ­මින් සිටින බව ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම වාර්තා­වට අනුව මාල­දි­ව­යිනේ විදේ­ශීය ණය බර අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රධාන වශ­යෙන් චීන­යට සහ ඉන්දි­යා­වට ගෙවී­මට ඇති ණය ප්‍රමා­ණය බව ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වසර 2018 දී ඩොලර් බිලි­යන 3ක්ව තිබූ විදේ­ශීය ණය පසු­ගිය 2024 මාර්තු වන විට ඩොලර් බිලි­යන 8.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, වසර 2029 වන විට ඩොලර් බිලි­යන 11 දක්වා ඉහළ යනු ඇතැයි අනා­වැකි පළවූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

මාල­දි­ව­යිනේ ආර්ථි­කය වර්ධ­නය කිරීම සඳහා සහන සැල­සී­මට පසු­ගිය ජන­වා­රියේ මාල­දි­ව­යින සහ චීනය අතර නිද­හස් වෙළෙඳ ගිවි­සුම ක්‍රියා­ත්මක  වූවද, එය අසා­ර්ථක වී ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වස­රේදි ඩොලර් මිලි­යන 600ක් සහ 2026 වස­රේදී ඩොලර් බිලි­ය­න­යක් ගෙවී­මට මාල­දි­ව­යි­නට සිදුවී ඇති අතර,  එම අභි­යෝ­ග­යට මුහුණ දීම සඳහා එරට රජය චීනය සහ මැද­පෙ­ර­දිග රට­ව­ලින් හදිසි මූල්‍යා­ධාර අපේක්ෂා කරන බවත් ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here