නව ලේබලය යටතේ ගෑස් සමාගම්වලින් නිකුත් කළ ගෑස් සිලින්ඩරයක්ද පිපිරී ඇති බව හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් දක්වමින් දැක්වූයේ මෙලෙසින්,
“ඒ පිළිබඳව වාර්තාවෙලා තිබෙනවා. ඒ පිළිබඳ අවසන් පරීක්ෂණයෙන් බලාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ ගෑස් සම්බන්ධ සිද්ධීන් පිළිබඳ මුලින් ආපු පණිවුඩ පස්සේ වෙනස් වුණ බොහෝ අවස්ථා තිබෙනවා. එවැනි සිද්ධීන් වාර්තා වෙනවා. පස්සේ පරීක්ෂා කරලා බැලුවහම තියෙන දේට වඩා වෙනස් දෙයක් තමා සිද්ධවෙලා තියෙන්නේ. කෙසේ හෝ සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගෙන දැනුවත් කිරීමක් කරනවා. මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නයට නිගමනයක් තමා කරලා තියෙන්නේ. සංයුතිය වෙනස් වීම නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ අනුව දැන් ඒ සංයුතිය 30 – 70 ට ආපු ඒවා විතරයි වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළත් යම් දෙයක් සිද්ධවෙනවා නම් දීර්ඝ විමර්ශනයක් කළ යුතුව තිබෙනවා. දැනට අනාවරණය වු කරුණු අනුව විසඳුම් ලබාදීලා තියෙනවා.”
එමෙන්ම නිලධාරීන් විසින් ගෑස් නියැඳි පරික්ෂා කර, වාර්තාවක් ලබාදීමෙන් පසුව පමණක් ගෑස් ගබඩා කිරීමට අවසර ලබාදීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ගෑස් රැගත් තවත් නෞකාවක් ද අද දිනයේ මෙරටට ළඟා වීමට නියමිතයි.