ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රටවල් රැසකින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.
මේ වන විට රටවල් 77කින් මෙම නව ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
එම නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.
එබැවින් එම වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු ඔවුන් පවසන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ, එන්නත්කරණය අඩු වශයෙන් සිදුකිරීම මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාමේ වැඩිවීමක් සිදුවන බවයි.