Home Uncategorized කොළඹ වරායේ බහලු ධාරිතාව මිලියන 24 දක්වා ඉහළ දැමීමට සැලසුම්

කොළඹ වරායේ බහලු ධාරිතාව මිලියන 24 දක්වා ඉහළ දැමීමට සැලසුම්

27
0
කොළඹ වරායේ, ගැඹුර 20m ක් හා හරස් අතට බහලු 26 ක් මෙහෙයවිය හැකි පර්යන්ත දොඹකර ස්ථාපිත කෙරෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරනවා.
එහිදී නැගෙනහිර හා බටහිර පර්යන්තයන්හි සිදුවන සංවර්ධනයත් සමඟ දැනට කොළඹ වරායේ මිලියන 8ක් වන බහලු මෙහෙයුම් ධාරිතාවට 2025 වනවිට අතිරේක බහලු මිලියන 6 ක් එක්වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම වසර 2040 වනවිට ඉදිකිරිම් නිම කිරීමට බලාපොරොත්තු වන උතුරු වරාය ව්‍යාපෘති මගින්ද අතිරේකව තවත් මිලියන 10 ක බහලු ධාරිතාවක් එක් කිරීමට නියමිතයි.
ඒ අනුව කොළඹ වරායේ සමස්ත බහලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 24 දක්වා ඉහළ යන බවයි වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොල පැවසුවේ.
ඔහු බව ප්‍රකාශ කළේ, ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධාන කරන ලද 2021 බහුවිධ ප්‍රවාහන සමුළුවේ සමාරම්භයට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here