ඉදිරි සති කිහිපය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙරට දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම සිදුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙතෙක් ප්රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි එම සංගමය සඳහන් කරන්නේ.
ඒ අනුව රට තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,
“ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලංකාවේ හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේක සැරිසරනවා කියන එක කාටත් රහසක් නෙමේ. මේ වන විට අපි දන්නේ නෑ පසුගිය සතියක් වැනි කාලය තුළ නොයෙකුත් දේවල් පැවතුණා. ජනතාව ඒකරාශ්‍රී වුණා. ඒ අනුව මොන ආකාරයේ ප්‍රතිඵලයක් ඉදිරි සතියක් දෙකක් ඇතුළත ඇති වෙයිද කියලා දන්නේ නෑ. නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි සියලුදෙනා එක්රැස් වෙලා වගකීමෙන් කටයුතු කළොත් මේ ඔමික්‍රෝන් රෝගය ව්‍යවසනයක් නොවී අපිට කලමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් අපට කරන්න තියෙන වැදගත්ම දේ තමා අපි සෞඛ්‍ය පුරුදු හැකි පමණින් අනුගමනය කරන එක”