ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට රජයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ, 2018 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර එවකට පැවති විශේෂ වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවලිය පදනම් කරගෙනයි.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේ අයවැය යෝජනා මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද පියවර ගෙන තිබුණා.
2018 වර්ෂයේ දී අදාළ වැටුප් යෝජනාවලිය පිළියෙල කරන අවස්ථාවේ දී ගුරු උපදේශක සේවය ස්ථාපිත වී නොතිබූ බැවින්, එම සේවය සඳහා ද වැටුප් පරිමාණ ඇතුළත් කරමින් ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.