Home Local News Room : සුළි සුළගක් එන්නෑ..

News Room : සුළි සුළගක් එන්නෑ..

6
0

 

පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා ප්‍රබල වනු ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (9) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අදාළ පද්ධතිය මේ වන විට ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවය.

අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය මැදිහත් වී අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here