Home Local News Room : හයේ මොඩියුලයට අසභ්‍ය අඩවිය දැමූ අය හෙලිවේ.. උසාවියට විස්තරේ...

News Room : හයේ මොඩියුලයට අසභ්‍ය අඩවිය දැමූ අය හෙලිවේ.. උසාවියට විස්තරේ කියයි..

7
0

 

ගයාන් කුමාර වීර­සිංහ

හය­වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කෙරෙන විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ යම් නිල­ධා­රි­ය­කුගේ වග­කීම් විර­හිත ක්‍රියා­වක් හේතු­වෙන් ආන්දෝ­ල­න­යට තුඩුදී ඇති වෙබ් අඩවි කේතය ඊට ඇතු­ළත්වී ඇති බවයි.

මෙම මොඩි­යු­ලය අධී­ක්ෂ­ණය කළ බව සඳ­හන් නිල­ධා­රීන්ගේ නම් රැසක් එහි ඇතු­ළත්ව ඇතත් ඒ කිසිදු නිල­ධා­රි­යෙක් මොඩි­යු­ලය මුද්‍ර­ණය කිරී­මට නිසි අධී­ක්ෂ­ණ­යක් කළ බවට තොර­තුරු ද විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී නැත.

මෙම මොඩි­යු­ලය කෙටු­ම්පත් කිරීමේ සිට මුද්‍ර­ණය කිරීම දක්වා සම්බන්ධ වූ නිල­ධා­රී­න්ගෙන් මෙම මොඩි­යු­ලය සකස් කිරී­මට දාය­ක­ත්වය ලබා දුන් විද්ව­තු­න්ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ වන විට ප්‍රකාශ ලබා­ගෙන තිබේ.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යට අදා­ළව ගුරු­ව­රුන් පුහුණු කිරීමේ වැඩ­ස­ට­හ­න්ව­ලට යොදා ගැනී­මට මෙම මොඩි­යුල 300ක් 350ක් පමණ මුලින් මුද්‍ර­ණය කර ඇත.

ගුරු­ව­රුන්ට පුහුණු වැඩ­මු­ළු­ව­ලදී මොඩි­යුල ලබා දී ඇතත් ප්‍රශ්න­ගත වෙබ් අඩවි කේතය ඒ කිසිදු ගුරු­ව­ර­ය­කුගේ අව­ධා­න­ය­ටද ලක්ව නැති බව ද විම­ර්ශ­නයේ දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පෙනී­ගොස් ඇත.

ඒ වන­වි­ටත් ගුරු­වරු 5000ක පමණ පිරි­සක් පුහුණු වැඩ­ස­ට­හන් සඳහා සහ­භාගි වී සිට ඇත.

මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති කරුණු ඉදි­රියේ දී නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට වාර්තා කරන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

Dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here