2022 වසරේ ශ්‍රී ලංකාව 5.5%ක ආර්ථික වර්ධන වේගයක් ලඟා කර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වුයේ මෙලෙසින්,
“මම හිතන්නේ අපිට මේ අවුරුද්ද තුළදී 5.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්නට පුළුවන් වෙයි. එය පසුගිය වසරේ යම්කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබුණි නිසා ඒක ජයක් හැටියට සැලකුවේ නැතත් 5.5% වර්ධන වේගයක් අපිට ඇති කරගන්න පුළුවන්නම් ඒක සාර්ථක එකක් හැටියට තමයි මම දකින්නේ. ඒක කරන ගමන්ම අපිට තවත් අභියෝග කිහිපයක් තිබෙනවා ජයගන්නට. අපි හැමෝම දන්නවා ආර්ථිකයක් හසුරවද්දි සියලුම අංගයන් එකට වර්ධනයවීමක් ඇති කරගන්නට අවශ්‍යයි. එහෙම කරගෙන යන අතරම තමයි මේ කටයුත්තට අපි යෙදෙන්නේ. මම හිතන්නේ ඒක අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලුදෙනාම එකතුවෙලා එකට වැඩකරන්න ඕනේ. විවිධ පැතිවලින් එන විවිධ අභියෝග තවදුරටත් වැඩිකරන්නේ නැතුව ඒක කෙරුවනම් හොඳයි කිනව එක තමයි මගේ අදහස.”