ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය වෙළද ඇමති බන්දුල ගුණවර්ධනට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා.
ඒ, වෙළෙඳපොළ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමට ඕනෑම පියවරක් ගන්නා ලෙසටයි.
ඊට හේතු වී ඇත්තේ, සිංහල අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 දක්වා වැඩිවන බවට ” සහල් වෙළෙඳපොළ මාෆියාව” විසින් මතවාදයක් ඇතිකර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පෙනෙන්නට ඇති බැවින්.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙනුත්, සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන්න සහතික වන බවයි.