Home Local News Room : මාලිමාන්ඩුව නොතිබ්බානම් මිනිස්සු මැරෙන්නෙ බඩගින්නේ..

News Room : මාලිමාන්ඩුව නොතිබ්බානම් මිනිස්සු මැරෙන්නෙ බඩගින්නේ..

3
0

 ජාතික
ජන බලවේග ආණ්ඩුව බලයේ නොතිබුණේ නම් මේ රටේ ජනතාවට බඩගින්නේ මියයන්නට සිදුවන බව ජාතික ජන
බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

අද වන විට ලෝකයේ බොහෝ රටවල විවිධ අර්බුද හටගෙන ඇති බවත්,
එම ලෝක අර්බුද ඇතිවන්නේ තම පාලනයෙන් තොර බාහිර හේතූන් මත බවත්
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම ලෝකයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත්,
ශ්‍රී ලංකාවට ද එම තත්ත්වයේ බලපෑමට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව
ඇති බවත් ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here