Home Local යුක්රේනය පිළිබඳ යෝජනාවේ දී ශ්‍රී ලංකාව ගත් තීරණය.

යුක්රේනය පිළිබඳ යෝජනාවේ දී ශ්‍රී ලංකාව ගත් තීරණය.

20
0

රුසියාව – යුක්රේන ආක්‍රමණය ඛේදවාචකය පිළිබඳ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊයේ දිනයේ සාමාජික රටවල් 193කින් සමන්විත මහා මණ්ඩලය සිය 11 වන විශේෂ හදිසි සැසිවාරය කැඳවා තිබුණේ යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ යුක්රේනය සහ ඊට සහය දක්වන රටවල් විසින්.

ඊට රටවල් 140 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, රුසියාව, බෙලරුස් රාජ්‍යය, උතුරු කොරියාව, සිරියාව, එරිත්‍රියාව ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය ඇතුලු රටවල් 38ක් එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

යුක්රේනය සම්බන්ධයෙන් මෙලෙස මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කළද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මීට පෙර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනා රුසියාව විසින් නිෂේධ බලය යොදා පරාජය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here