ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීන රජය එම තීරණය ගෙන ඇති බවයි.
චීන රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, දෙරට අතීතයේ පටන් එකිනෙකාට අවශ්‍ය අවස්ථාවලදී සහාය දැක්වීම හේතුවෙන්.