Home Local News Room : අනුර කුමාර, අපේ නාමල්ට පට්ට බයයි… අන්න ඒ බය...

News Room : අනුර කුමාර, අපේ නාමල්ට පට්ට බයයි… අන්න ඒ බය තියාගන්න මහත්තයෝ – ජොන්ස්ටන් ප්‍රනාන්දු ~

0
0
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා කෙරෙහි දැඩි බියකින් පසුවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා අවධාරණය කළේ අනුර කුමාර දිසානායක මහතා වර්තමානයේ හැසිරෙන්නේ එම බිය සඟවා ගැනීමට නොහැකිව බවයි.

“අන්න ඒ බය නියාගන්න මහත්තයෝ…” යනුවෙන් පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට නගරයේ කඩපිලේ මෙන්ම ගමේ බස් රථයේ පවා සාමාන්‍ය ජනතාව එක හෙළාම ඉල්ලා සිටින්නේ නාමල් රාජපක්ෂ මහතාව බවයි. වර්තමාන සමාජය තුළ නාමල් රාජපක්ෂ මහතා කෙරෙහි ගොඩනැඟෙමින් පවතින මෙම දැවැන්ත ජනතා ප්‍රවණතාවය හමුවේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස කලබලයට පත්ව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here