මෙම වාහන අතරින් වැඩි ප්‍රමාණයක්ම ඇත්තේ සුඛෝපභෝගී වාහන වන බව සඳහන්ය. මෙම වාහන කොටස් කර මෙරටට රැගෙනවිත් එකලස් කර ඇති බවටත් ඒ සඳහා දූෂිත රේගු නිලධාරීන්ගේද සහය ලැබී ඇති බවටත් සැක කරයි.
මෙම වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේද සහය ලැබී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
එසේ හොර පාරෙන් ලියාපදිංචි කර මහ මඟ ධාවනය වන වාහන රැසක් හඳුනාගැනීමටද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් පියවර ගෙන ඇත. ඉදිරියේදී එම වාහන සිය භාරයට ගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සූදානමින් සිටින බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
මේ ආකාරයට වාහන හොර පාරෙන් මෙරටට පැමිණ ලියාපදිංචි කර ඇත්තේ පසුගිය ආණ්ඩු කාලවලදීය.
මෙෙස් වාහන හොරට ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරු දෙදෙනෙක් ඇතුළු නිලධාරීන් රැසක්ම මෑතක දී අල්ලස් කොමිසම විසින්ද අත්අඩංගුවට ගැනිණ. පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායද 2023 වසරේදී වැටලීම් මාලාවක් කරමින් හොර පාරෙන් රට තුළට ගෙනැවිත් ලියාපදිංචි කර තිබූ වාහන 100කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. එම වාහන බොහෝමයක් පරිහරණය කරමින් තිබුණේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ය. එම විමර්ශනයේදීද එසේ හොරට ලියාපදිංචි කර තිබූ වාහන 400ක පමණ ලේඛනයක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සොයාගත්තේය. එම විමර්ශන එවකට සිටි පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.
මේ පුවත තව අයට බලන්න







