Home Local උපවාස අරඹන්න රටඉඳි නොමැතිව මුස්ලිම් ජනතාව පහසුතාවයට.

උපවාස අරඹන්න රටඉඳි නොමැතිව මුස්ලිම් ජනතාව පහසුතාවයට.

16
0

උපවාස සමය සඳහා ප්‍රමාණවත් රටඉඳි නොමැති වීමෙන් මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත්ව සිටින බව දවටගහ මුස්ලිම් මහ පල්ලිය සඳහන් කරනවා.

ඒ, ඉස්ලාම් චාරිත්‍ර සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන්.

එම පල්ලියේ සභාපති රියාස් සාලි කියා සිටියේ, රජය මගින් පසුගියදා ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය අතරට රටඉඳි ද අයත් වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බවයි.

නබිනායක තුමන්ගේ සමයේ සිට පැවත එන ඉස්ලාම් චාරිත්‍රයන්ට අනුව නෝම්බි ඇල්ලීම හෙවත් උපවාස ආරම්භයේ දී ඉස්ලාම් බැතිමතුන් රටඉඳි කැබලි 3 ක් ආහාරයට ගත යුතු බව සඳහන්.

කෙසේ වෙතත් මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මුස්ලිම් ජනතාවට බෙදා දීම සඳහා මේ වන විට රටඉඳි මෙට්‍රික් ටොන් 40 ක තොගයක් ආනයනය කර ඇති බවයි.

නමුත් එම තොගය ප්‍රමාණවත් නොවන බවත්, මෙට්‍රික්ටොන් 350 ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි රියාස් සාලි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here