Home Local News Room : යෝෂිතගේ යැයි කියන CSN, නිලංග ‘මාතා TV’ කර මුදාහරින්න...

News Room : යෝෂිතගේ යැයි කියන CSN, නිලංග ‘මාතා TV’ කර මුදාහරින්න යයි ~

0
0
වසර ගණනාවක් අක්‍රියව පැවති Carlton Sports Network (CSN) නාලිකාව “මාතා TV” නමින් යළි විකාශන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පලව තිබේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මූල්‍ය සහ නියාමන ක්ෂේත්‍රවලද අවධානය යොමුව ඇති බවද පැවසේ.

ඒ වගා ආයෝජන ව්‍යාපාරිකයකු වන නිලංග ජයවර්ධන නැමැත්තෙකු විසින් අදාළ නාලිකාව ආරම්භ කිරීමට සූදානම්වීමත් සමඟය.

වාර්තා වන පරිදි, මෙම නාලිකාව වසර 20ක බදු පදනමක් යටතේ Business Media International සමාගම විසින් මෙහෙයවීමට නියමිත අතර, එම සමාගම Agroventures ව්‍යාපාර ජාලයට අනුබද්ධ බවද සඳහන් වේ.

නව ආයෝජකයින් විසින් අදාළ නාලිකාව සඳහා මාසිකව රුපියල් මිලියන ගණනක බදු කුලියක් ගෙවීමට එකඟ වී ඇතැයි ද පැවසේ.

අදාළ ව්‍යාපාර ජාලය සිය ආදායම් මූලාශ්‍රය ලෙස වැනිලා කෘෂි ආයෝජන ව්‍යාපෘති හඳුන්වා දෙමින්, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන ඉලක්කයක් සහ ආයෝජකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි බවට මතුකරන කාරණා සම්බන්ධයෙන්ද මේවන විට සමාජය තුළ සැක මතුව තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ නිල අපනයන සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ වැනිලා අපනයන ආදායම ඊට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතීම හේතුවෙනි.

කෙසේවුවද, 1988 අංක 30 දරන බැංකු පනත සහ මුදල් ව්‍යාපාර පනත යටතේ, මහජන මුදල් එක්රැස් කිරීම හා ආයෝජන භාර ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත නියාමන රාමුවක් පවතින අතර මේවන විට වගා ආයෝජන සමාගම් බොහොමයක් සමබන්ධයෙන් මහ බැංකුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවද මෑතකදී නැවත අවධාරණය කර ඇත්තේ, සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ සමාගමක් ලියාපදිංචි වී තිබීම පමණක්, මහජන මුදල් භාර ගැනීම සඳහා නීතිමය අවසරයක් නොවන බවයි.

CSN නාලිකාව මෙරට දේශපාලන ඉතිහාසය තුළද විශේෂ අවධානයට ලක් වූ මාධ්‍ය ආයතනයක් වන අතර මෙහි හිමිකරුවන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂගේ බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පැතිර තිබිණි.

මතා TV හි නාලිකා ප්‍රධානියා ලෙස රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෙනෙෂ් බණ්ඩාර දිසානායක මහතා කටයුතු කරන බවත්, එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස හිරු, සුප්‍රිම් ඇතුළු රූපවාහිනී නාලිකා කිහිපයක එමධූරය හෙබවූ උපේන්ද්‍ර හේරත් මහතා කටයුතු කරන බවද පැවසේ. 

අදාළ නාලිකාවේ පරීක්ෂණ විකාශයන් මේවන විට මසක පමණ කාලයක සිට ක්‍රියාත්මක බවද වාර්තා වේ.

විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම, ලියාපදිංචි ලිපිනය වෙනස් කිරීම පිළිබඳ නිසි දැනුම්දීමක් නොකිරීම, විගණනය කළ වාර්ෂික ගිණුම් ඉදිරිපත් නොකිරීම සහ රජයට ගෙවිය යුතු බව පැවසූ මුදල් නොගෙවීම යන කාරණා මත 2016දී එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය CSN හි විකාශන බලපත්‍රය අවලංගු කළේය.

කෙස්වුවද, 2020 මැයි මාසයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය CSN හි විකාශන බලපත්‍රය අවලංගු කළ තීරණය ඉවත් කළේය.

මේ ආයතනය පිහිටුවීමට අදාළව FCID විමර්ශන තවමත් ක්‍රියාත්මක බවද වාර්තා වේ.

Matha TV Live

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here