අද (27) දිනයේ අමතර පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
ඒ, සති අන්තයේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත අයුරින් ඉහළ යෑම හේතුවෙන්.
P සිට W දක්වා කලාප සඳහා අද දිනයේ පැය 2ක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම මීට පෙර නිවේදනය කළා.
කෙසේ වෙතත් විදුලි ඉල්ලුමේ ඉහළයාමත් සමඟ අද උදෑසන 9 සිට රාත්රී 11 දක්වා P සිට W දක්වාකලාපයන්ට පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
A සිට L දක්වා කලාප සඳහා අද දිනයේ මීට පෙර සැලසුම් කළ පරිදි පැය 3යි මිනිත්තු 30ක කාලයක් අද උදෑසන 08.30 සිට රාත්රි 10.30 දක්වා විදුලිය කප්පාදු කෙරෙනවා.