Home Local News Room : යාපනේ තිස්ස රජමහ විහාර භූමිය මැදින් මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව...

News Room : යාපනේ තිස්ස රජමහ විහාර භූමිය මැදින් මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව ලබාගෙන තිබූ තහනම් නියෝගය නිෂ්ප්‍රභ කරයි.. ~

1
0
යාපනය, කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රාජමහා විහාර භූමිය මැදින් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් ගෙන තිබූ තීරණය වළක්වාලමින් පලාලි පොලිසිය මගින් ලබාගෙන තිබූ තහනම් නියෝගයට අදාළ නඩුව අද (06) දින මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේදී සිව්වන වරටත් විභාගයට ගන්නා ලදී.

එහිදී කරුණු සලකා බැලූ අධිකරණය විසින් පලාලි පොලිසිය ලබාගෙන තිබූ අදාළ තහනම් නියෝගය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසුන්දරන් සුගිර්දන් සහ එහි ලේකම් ශිවකුමරන් සිවානන්දන් යන අයට එරෙහිව පලාලි පොලිසිය විසින් මෙම තහනම් නියෝගය ලබාගෙන තිබුණි.

නඩුව අද දින නැවත විභාගයට ගත් අවස්ථාවේදී, පළාත් පාලන ආයතනයකට හිමි බලතල සහ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන කෙරෙහි අධිකරණයේ විශේෂ අවධානය යොමු විය.

එහිදී මල්ලාකම් අධිකරණය පෙන්වා දුන්නේ පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ප්‍රාදේශීය බලප්‍රදේශය තුළ මාර්ග ඉදිකිරීම සහ සංවර්ධන කටයුතු සිදුකිරීමේ පූර්ණ බලතල ප්‍රාදේශීය සභාව සතු වන බවයි.

ඒ අනුව අදාළ විහාරස්ථාන භූමිය මැදින් යෝජිත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ප්‍රාදේශීය සභාවට නීතිමය බාධාවක් නොමැති බව ප්‍රකාශ කළ අධිකරණය, පලාලි පොලිසියේ ඉල්ලීම මත පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කිරීමට නියෝග කළේය.

දුලාර ගුණතිලක

කැඳවුම්කරු

සිංහල සංවිධාන එකමුතුව

-emanisa

tissa rajamaha viharaya jaffna

tissa viharaya jaffna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here