ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබා තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ විදෙස් විදෙස් කටයුතු අමාත්‍යාංශයේදීයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර එම ගිවිසුම් අස්සන් තැබූ බවයි .
ඉන්දීය රජයේ සහාය ඇතිව සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් බලාගාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාරය පිහිටුවීම, සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ රාජ තාන්ත්‍රික රාජ තාන්ත්‍රික පුහුණුව ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.
මේ අතර ජයශංකර් මහතා සහ දෙමළ ජාතික සන්ධානය සමග පැති සංවාදයේ දී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදහන්වූවන් පිළිබඳ ගැටලු, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඩයස්පෝරා ආයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.