ප්‍රමෝදය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත හිටපු තේරීම් කමිටුව වසර දෙකක ධුර කාලයක් සඳහා පත් කර තිබුණි.
කෙසේ වෙතත්, එම කාලය අවසන් වීමට පෙර කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම ඉවත් කිරීමේදී හිටපු තේරීම් කමිටුවට නිසි කරුණු දැක්වීමක් හෝ සාධාරණ පියවර අනුගමනය කිරීමක් සිදු කර නොමැති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම තත්ත්වය මත ප්‍රමෝදය වික්‍රමසිංහ සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන් විසින් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එන්තරවාසි යොමු කර තිබිණි.
ඉන් අනතුරුව ක්‍රිකට් පරිවර්තන කමිටුව මැදිහත් වී හිටපු තේරීම් කමිටුවේ සභාපතිවරයා හැර සෙසු සාමාජිකයන් සිව්දෙනා සමඟ එකඟතාවකට පැමිණ ඇත. එහිදී එක් සාමාජිකයකුට රුපියල් ලක්ෂ 32 බැගින් (බදු අඩු කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 24 බැගින්) වන්දි මුදලක් පිරිනමා ඇති අතර, තරංග පරණවිතාන සහ විනෝදන් ජෝන් යන මහත්වරුන්ට ක්‍රිකට් ආයතනයේ වෙනත් තනතුරු ද පිරිනමා තිබේ. මෙම වන්දි ලබා දීමේදී ඔවුන්ගෙන් ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු නොපවරන බවට පොරොන්දු පත්‍ර ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
එසේ වුවද, හිටපු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා සමඟ එවැනි කිසිදු සාකච්ඡාවක් හෝ එකඟතාවක් ඇති කර ගැනීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත.
මේ හේතුවෙන් තමන්ගේ ඉතිරි ධුර කාලය සඳහා හිමිවිය යුතු මාසික දීමනා සහ අහේතුකව ඉවත් කිරීම නිසා සිය කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු මගට පිවිසීමට ඔහු තීරණය කර ඇතැයි සැලවේ.
මේ පුවත තව අයට බලන්න







