
විපක්ෂයේ සිටින ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකුගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා හෙළි කර ඇත.
මෙම මැතිවරණ ප්රචාරක කටයුතුවලට වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට හෙළි කර නැත. මැතිවරණ ප්‍රචාරණයන් සඳහා එක් දේශපාලනඥයකුට බස් 50 ක් ද ලබා දී තවත් විශාල මුදල් ත්‍යාගයක් ද පිරිනැමූ බව මොහු පවසා ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් ලබාගෙන මැතිවරණ කටයුතු කළ දේශපාලනඥයන් දෙදෙනාගෙන් ඉදිරියේ ප්‍රශ්න කරන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ ආරංචි මාර්ග පැවසීය.
මෙසේ ශිරාන් බාසික්ගෙන් මුදල් ලබාගත් එක් දේශපාලනඥයකු කළුතර ප්‍රදේශය නියෝජනය කරන බවද වාර්තා වෙයි.
මේ අතර තමන්ට අයත් ප්‍රධාන පෙළේ හෝටල් 05 ක් පිළිබඳව ද ශිරාන් බාසික් හෙළි කර ඇත. මෙම හෝටල් දෙහිවල – ගල්කිස්ස මුහුදු තීරයේ ඉදි කර ඇති ප්‍රධාන පෙළේ හෝටල් බවද මේ වන විට අනාවරණය වෙයි.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සෝල් බීච් හෝටලය ද තමාගේ බවත් ඒ සඳහා මුදල් වැය කළේ තමන් බවත් ශිරාන් බාසික් පිළිගෙන ඇත.
එමෙන්ම බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව ඇතුළු තවත් ප්‍රදේශ කීපයක අතිසුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ රැසක් ශිරාන් බාසික් විසින් මුදල් ආයෝජනය කර ඉදිකර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාලය හරහා ඉපයූ නීත්‍යනුකූල නොවන මුදල් නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ව්‍යාපාරවලට වියදම් කර ඇති බව හෙළි වී ඇත.
ශිරාන් බාසික් විසින් වෙරළ තීරයේ ඉදිකර ඇති හෝටල් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.
වෙරළ තීරයේ ඉඩම් හිමි දිළිඳු පුද්ගලයන්ගේ නම්වලින්ම ඔවුන්ට අයත් ඉඩම්වල හෝටල් ඉදි කර ඒවා පවත්වාගෙන යන බව ද හෙළි වී ඇත.
මේ අතර රජයේ ඉඩම්වල පවා මොහු හෝටල් සහ මහල් නිවාස ඉදිකර ඒවා නීත්‍යනුකූල නොවන මාර්ගවලින් තමන් සන්තකයට ගෙන ඇති බව ද හෙළි වී ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ සිටින ප්‍රධාන පෙළේ පාතාල මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ඇල්ටො ධර්මේ, බඩෝවිට අසංක සහ සැන්ඩෝ තමන්ගේ සමීපතම මිතුරන් බවත් ඔවුන් ද සිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටින බවත් ශිරාන් බාසික් අනාවරණය කර තිබේ.
හේමන්ත රන්දුණු
Divaina
මේ පුවත තව අයට බලන්න
.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}
.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}
.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}
.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}
.share-btn img {
width: 24px;
height: 24px;
}
/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}
/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}
.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

Facebook එකට
Share කරන්න

WhatsApp එකට
Share කරන්න
(function () {
var url = window.location.href;
// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);
// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();