Home Local News Room : no more tamil eelam – archchuna ramanathan ~

News Room : no more tamil eelam – archchuna ramanathan ~

0
0
 

ඕනෑම අවස්ථාවක තමන් සිංහල ජනතාව සමග රට වෙනුවෙන් සිට ගන්නා බව දෙමළ ජනතාව රටට ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරේ පැවැත්වූ ජනරැලියට එකතු වෙමිනි.

සිංහල ජනතාව කියන විට තමන්ට සිහිපත් වන එකම නාමය මහින්ද රාජපක්ෂ පමණක් බවද අර්චුනා රාමනාදන් අවධාරණය කරයි.

කැලයක සිංහයකු හෝ කොටියකු රජ විය හැකි වුවද ජනතාව නරියෙකු රජ කර ඇතැයිද 76 වසරක ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදු නොවූ බවත් එය ජනතාව කළ විශාල වරදක් බවත් හෙතෙම සඳහන් කරයි.

දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිවරණයේදී විශාල මුදලක් වියදම් කළ බවත් අවසානයේ කොත්තමල්ලි ජනාධිපතිතුමාට තමන්ද රැවටුණු බවත් අර්චුනා රාමනාදන් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here