පසුගිය 11 වැනිදා අලුයම දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි ඒ පුංචි නිවසට නොසිතූ මොහොතක එල්ලවුණු අත්බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 11ක සහ 17ක අහිංසක දරුවන් දෙදෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වුණා. දරුවන් දෙදෙනාගේ පියාට සිදුවූ බරපතළ තුවාල නිසා ඔහුගේ පාදයක් පවා ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවුණා. ඊයේ පස්වරුවේ මුළු රටේම සෝ සුසුම් මැද ඒ පුංචි දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කළා.








