Home Local News Room : අරවින්ද සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු! අරවින්දගේ මවගේ...

News Room : අරවින්ද සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු! අරවින්දගේ මවගේ ආදාහනයත් අද! ~

0
0
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට අදාළව ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ, අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

අරවින්ද ද සිල්වා මහතාගේ ආදරණීය මෑණියන් වූ රාණි ද සිල්වා මහත්මිය පසුගිය සැප්තැම්බර් 14 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, ඇගේ අවසාන කටයුතු සහ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දිනයේදීම මෙලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් වීම විශේෂත්වයකි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here