Home Local News Room : යුක්තිය ඉටු වෙන දවස හෙටයි – පාස්කු මහ නඩුවේ...

News Room : යුක්තිය ඉටු වෙන දවස හෙටයි – පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට උදෑසන 09ට ප්‍රකාශයට පත් කරයි ~

0
0
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව හෙට (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම නඩුව සදහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදුන් අතර දිනපතා පැවති සාක්ෂි විමසීම්වලින් අනතුරුව පැමිණිල්ල සහ විත්ති පාර්ශවයන් වෙනුවෙන් සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු මස 24 වනදා අවසන් කෙරිණි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here