Home Local News Room : අධිකරණයට එරෙහිව මහාධිකරණයට ගිය සුගීෂ්වරට දුන් නියෝගය ~

News Room : අධිකරණයට එරෙහිව මහාධිකරණයට ගිය සුගීෂ්වරට දුන් නියෝගය ~

0
0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප කිරීමට එ⁣රෙහිව ඔහුගේ බිරිඳ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. අනතුරුව සුගීෂ්වර බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප කිරීමට එ⁣රෙහිව ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය (12) වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර පසුගිය ජුනි මස (18) වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව ඇති චෝදනා වේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here