Home Local News Room : සැඟව සිටි ඥානසාර හිමියන් අද සිට පෝලිමේ උසාවි නග්ගයි...

News Room : සැඟව සිටි ඥානසාර හිමියන් අද සිට පෝලිමේ උසාවි නග්ගයි ~

0
0
තීනි­යා­වල ප්‍රදේ­ශයේ ආරණ්‍ය සේනා­ස­න­යක රැඳී සිටි­යදී වරෙන්තු මත අත්අ­ඩං­ගු­වට ගත් බොදු­බල සේනා සංවි­ධා­නයේ මහ ලේකම් ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් අද (05) දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඊයේ (04) නියෝග කළේය.

ඥාන­සාර හිමි­යන් අද (05) දින­යේදී අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ට නියෝග කළේය.

නීතිය ක්‍රියා­ත්මක වීම මඟ­හ­රි­මින් උන් වහන්සේ තිනි­යා­වල ප්‍රදේ­ශයේ ආරණ්‍ය සේනා­ස­න­යක සැඟව සිටින බවට පොලී­සි­යට ලද තොර­තු­රක් මත පෙරේදා (03) රාත්‍රි­යේදී උන් වහන්සේ අත්අ­ඩං­ගු­වට ගෙන ඊයේ (04) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරිණි. එහිදී උන් වහ­න්සේව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාගේ නිල කාම­ර­යට රැගෙන ගිය අතර එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා එසේ නියෝග කළේය. එමෙන්ම උන් වහන්සේ ලබන 06 වැනිදා කොළඹ මහා­ධි­ක­රණ අංක 9 හමු­ව­ටත්, 07 වැනිදා කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­ව­ටත් ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

ඥාන­සාර හිමියෝ අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ නොතී­සිය මත අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම නිසා වරෙන්තු ලබා සිටි අතර මීට අම­ත­රව මහා­ධි­ක­රණ අංක 9 සහ කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ අංක 3 ඉදි­රියේ පෙනී නොසි­ටීම මතද වරෙන්තු ලබා සිටි­යහ.

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චෝද­නාව සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි උන් වහ­න්සේට හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් ලබා දී තිබූ ජනා­ධි­පති සමාව බල රහිත කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කිරී­මෙන් අන­තු­රුව මෙම නීති­මය ක්‍රියා­මාර්ග ගෙන තිබේ.

අදාළ සමාව බල­ර­හිත කිරී­මෙන් පසු ඥාන­සාර හිමි­යන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස ඉල්ලා නීති­ප­ති­ව­රයා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට මෝස­මක් ගොනු­කර තිබිණි.

එම මෝසම ඉකුත් 29 වැනිදා අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් ඉදි­රියේ කැඳවූ අව­ස්ථා­වේදී ඥාන­සාර හිමි­යන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටියේ නැත.

එහිදී විත්තිය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අනුර මැද්දෙ­ගොඩ මහතා සඳ­හන් කර තිබුණේ ඥාන­සාර හිමි­යන් පිත්තා­ශයේ සැත්ක­ම­කට ලක්කර ඇති බැවින් විවේක සුව­යෙන් පසු­වන බවය. එහෙත් එම අස­නීප තත්ත්වය තහ­වුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා­වක් ඉදි­රි­පත් කර නොති­බිණි.

ඒ අනුව උන් වහන්සේ වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කළ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර, විදේශ ගමන් තහ­න­මක් ද පනවා තිබිණි.

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ මහතා අතු­රු­දන් වීම සම්බන්ධ නඩුව හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වූ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණ­යට අප­හාස වන අයු­රින් හැසි­රීමේ චෝද­නා­වට 2018 අගෝස්තු මාස­යේදී අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඥාන­සාර හිමි­යන්ට වසර 19ක බර­ප­තළ වැඩ සහිත සිර­ද­ඬු­ව­මක් නියම කළේය. එම දඬු­වම වසර හය­කින් ගෙවී යන පරිදි නියම කර තිබිණි.

කෙසේ වෙතත්, 2019 මැයි මාස­යේදී එව­කට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් උන් වහ­න්සේට විශේෂ ජනා­ධි­පති සමා­වක් ලබා දී නිද­හස් කරනු ලැබීය.

එම සමාව අභි­යෝ­ග­යට ලක් කර­මින් සන්ධ්‍යා එක්නැ­ලි­ගොඩ මහ­ත්මිය ඇතුළු පාර්ශ්ව කිහි­ප­යක් ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය, අදාළ සමාව ලබා­දීම නීත්‍ය­නු­කූල නොවන බව තීන්දු කර එය බල රහිත කිරී­මට පිය­වර ගත්තේය.

ජනා­ධි­පති සමාව බල රහිත වීමත් සමඟ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මඟින් නියම කරන ලද මුල් සිර­ද­ඬු­වම යළි නීත්‍ය­නු­කූ­ලව බලා­ත්මක වන බැවින් උන් වහන්සේ අත්අ­ඩං­ගු­වට ගැනීමේ නියෝ­ගය ක්‍රියා­ත්මක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here