Home Local News Room : මාලිමා මන්ත‍්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට! ~

News Room : මාලිමා මන්ත‍්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට! ~

0
0
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ. පනාගොඩ ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවකට අදාළව අතුරුගිරිය පොලීසිය විසින් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත්, අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධ විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත්, ඊයේ (07) රාත්‍රියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් සඳහන් වේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here