Home Local News Room : සිහින බොඳවූ ශිරන්තිට සැප නෑ… සාමාන්‍ය වාට්ටුවකට! ~

News Room : සිහින බොඳවූ ශිරන්තිට සැප නෑ… සාමාන්‍ය වාට්ටුවකට! ~

0
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැදවියන් සිටින වාට්ටුවකට යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ සාමාන්‍ය කාන්තා රැදවියන් සිටින වාට්ටුවකට යොමුකළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (09) දින උදෑසන දක්වා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රෝගීන් රඳවන ස්ථානයේ රඳවා සිටි බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

අනතුරුව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු විසින් ශිරන්ති රාජපක්ෂ පරීක්ෂා කර ඇති අතර අනතුරුව ඇයට අවශ්‍ය ඖෂධ නියම කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

මේ අතර ශිරන්ති රාජපක්ෂ පසුගිය (08) වනදා බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ අතර අනතුරුව මුලික වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක් ලබාගෙන ඇත.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකළ බවට චෝදනා නගමින් පසුගිය (07) වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here