හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
ඒ අනුව, කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක ධුරය, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය සහ සමගි සේවක සංගමයේ සභාපති ධුරය ඇතුළු ඔහු දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිතය.








