Home Local News Room : බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට...

News Room : බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග – රතු නිවේදන ලබා ගැනීමටත් වරෙන්තුවක්! ~

0
0
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාකිරීම සඳහා රතු නිවේදනයන් ලබා ගැනීමට වරෙන්තුවක් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බව සඳහන්.

මෙසේ නියෝග කර ඇත්තේ එම සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුවයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර ඌව පළාත් සභා මැතිවරණය සඳහා ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here