මෙම නඩුකරය අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.
යහපාලන රජය සමයේ ආරම්භ කරන ලද මෙම විමර්ශනයට අදාළව, පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශන කටයුතු සියල්ල අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇත්තේ 2016 වසරේදීය. කෙසේ වෙතත්,එම විමර්ශන උදෘත සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අද අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි.
නමුත් මෙම නඩුවේ ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන:
සුජානි බෝගොල්ලාගම
නිත්ය සමරනායක
සුදර්ශන බණ්ඩාර
යන අය අද දින කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, මෙම නඩුකරය ලබන පෙබරවාරි මස 11 වනදා යළි කැඳවීමට නියෝග කළේය.
එදිනට නීතිපති උපදෙස් ලබාගැනීමේ ක්රියාවලියේ වත්මන් ප්රගතිය පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසද මහෙස්ත්රාත්වරයා විසින් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයට තදින් නියෝග කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න







