ඊයේ (ඔක්. 18) සවස් කාලයේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 8 දෙනා අද (ඔක්. 19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරදු 22ත් 27ත් අතර වයස්වල පසුවන කිරම, ගල්ගමුව, මරාතුගොඩ, හාරිස්පත්තුව, ඇඹිලිපිටිය, මාදම්පේ සහ බුල්නෑව ප්‍රදේශවල පදිංචිකරවෝ වෙති.
පොලිසිය සඳහන් කළේ, මාර්ගයේ ගමන් කරන ජනතාව සහ රථ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් ගමන් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිට සාපරාධී බලහත්කාරය පෑම, අයුතු ජනරාශිය, රජයේ නිලධාරීන්ගේ අණට අකීකරු වීම යන හේතුන් මත එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
විරෝධතාව කැලණිය විශ්වවිද්‍යාල අසලින් ආරම්භ කර කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.
විරෝධතා පෙළපාළිය පැවත්වීමට අවසර ලබා ගෙන නොමැති බැවින් පෙළපාළිය නොපවත්වන ලෙස පොලිසිය එම පිරිසට දැනුම් දී ඇති බව ද පොලිසිය වැඩිදුරට ත් පැවසීය.