Home Local News Room : අටමස්ථානාධිපති හිමිගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

News Room : අටමස්ථානාධිපති හිමිගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

3
0

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ඔක්. 22) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ බෝධිමළුව විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබීය.

අනතුරුව රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපති වික්‍රමසිංහ මහතා නා හිමි ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳව ද සොයා බැලීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පෙර ලිපියවිදුලි බිල තවත් ඉහළට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here