Home Local News Room : වස විස නැති කොස් කොත්තුව මෙරට ආපනශාලාවලට එයි

News Room : වස විස නැති කොස් කොත්තුව මෙරට ආපනශාලාවලට එයි

3
0

ගස් යට වැටිලා යන කොස් වලින් රටටම ආදර්ශයක් දෙන්න කොස්වලින් කොත්තු හදා කොස් ජනප්‍රිය කරවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය මේ දිනවල දැවැන්ත උත්සාහයක නිරත වන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද  (21) ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

මේ වනවිට අත් හදා බැලූ කොස් කොත්තුව ඉතා සාර්ථක පරීක්ෂණ මට්ටමක තිබෙන බවත් කොස් කොත්තු සදහා අත් හදා  බැලූ ගම්මානවලින් හොද ප්‍රතිචාර තිබෙන බවද අසේල මහතා කීය.

සිය උපන් ගම වන ඇල්පිටිය පොරවගමට සිය අලුත් නිෂ්පාදනය හදුන්වා දුන් බවත් ඒ අනුව සිය ගම්මානවල අය කොස් කොත්තුවලට හුරුවෙමින් පවතින බවත් අසේල මහතා කීවේය.

ඉදිරියේදී නගරයේ ආපනශාලාවලද කොස් කොත්තු සාදා නගර වාසීන්ටත් මේ අවස්ථාව සලසාදීමට සූදානම් බවත් ඒ තුළින් ගමේ ගස් යට නිකන් වැටිලා යන කොස් ගෙඩියය හොද ඉල්ලුමක් පවතිනු ඇති බවත් අසේල මහතා කීවේය.

ඉහල මිලක් නිසා කොත්තු පාරිභෝජනයට ගත නොහැකි අයට මේ වයාපෘතියෙන් අත්වෙන සෙත කිව නොහැකි බවද අසේල මහතා කීය.

කොස් කොත්තුව ඉතාම අඩු මිලකට පාරිභෝගිකයින්ට ලබාදිය හැකි බවත් අවශය අයට සිය නිවසේදීම කොස් කොත්තුව පහසුවෙන් සාදා ගැනීමට හැකි බවත් අසේල මහතා කීවේය.

 එමගින් ගාමීය රැකියා රැසක් උත්පාදනය වන බවත් මෙයින් රට වැසියන්ට වස විසෙන් තොර දේශීය කොත්තුවක රස බැලීමට අවස්ථාව උදාවන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති  අසේල සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here