Home Local News Room : බිට්කොයින් එකක වටිනාකම ලබන වසරේ ඩොලර් ලක්ෂය දක්වා ඉහළට

News Room : බිට්කොයින් එකක වටිනාකම ලබන වසරේ ඩොලර් ලක්ෂය දක්වා ඉහළට

1
0

ලොව ප්‍රමුඛතම cryptocurrency හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන Bitcoin එකක වටිනාකම, එළඹෙන 2024 වසර අවසාන වන විට ඩොලර් 100,000 සීමාව දක්වා ළඟා විය හැකි බව Standard Chartered (STAN.L) පවසයි. Standard Chartered අද (24) දින කියා සිටියේ “crypto winter” හෙවත් අතථ්‍ය මුදල් සඳහා පැවති ශීත කාලය අවසන් වී ඇති බවයි.

අද වන විට Bitcoin එකක මිල එක්සත් ජනපද ඩොලර් 27,000 ක් පමණ වේ. එනම් එය ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9ක් හෙවත් ලක්ෂ 90කට ආසන්න අගයයකි.

Bitcoin හි පසුගිය රැලිවලදී මෙයාකාරයෙන්ම් විවිධ ආයතන විසින් අනාවැකි පළ කළ අතර එහිදී වරක් Citi විශ්ලේෂකයෙකු පවසා සිටියේ 2022 වසර අවසන් වන ඩොලර් 318,000 ක් දක්වා Bitcoin එකක මිල ඉහළ යනු ඇති බවයි. කෙසේවෙතත් 2022 වසර අවසන් වූයේ Bitcoin එකක මිල ඩොලර් 16,000 ක් දක්වා පහත හෙළමිනි.

2021 නොවැම්බර් මාසයේ දී Bitcoin එකක අගය ඩොලර් 68,000 සීමාව ඉක්මවා ගිය අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වේ.

ගෝලීය වාතාවරණය මෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින් හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටළු පිළිබඳව දැනටමත් අවධාරණය කර ඇති බවයි.

මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමඟ මෙම අවදානම් සහ ගැටළු නැවතත් තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here