Home Local News Room : උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රමාදය ගැන මානව...

News Room : උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රමාදය ගැන මානව හිමිකම් කොමිසම ත් මැදිහත් වෙයි

2
0

2022 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර අගැයීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, පිළිතුරු පත්‍ර අගැයීම ප්‍රමාද වීම පිළිබඳව තම කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සහ මාධ්‍ය වාර්තා පදනම් කර ගෙන මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ය.

පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ නොවීම මත මෙම ප්‍රමාදය සිදුව ඇතැයි පැමිණිලි අනුව පැහැදිලි වූ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින (අප්‍රේල් 25) විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී.එම්.එච්.එස්.කේ. බන්නැහැක ද සහභාගි වී ඇත.

එහිදී අදහස් දැක්වූ විභාග කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ, විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කටයුතුවල සිට පිළිතුරු පත්‍ර ඇගයීම අවසාන වන තෙක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ඊට ලබා ගැනීම පදනම් කර ගෙන මෙම විභාගයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පවත්වා ගෙන යන බව ය.

ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පුද්ගල මට්ටමෙන් දායක වන බව ත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ඇත.

එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී.එම්.එච්.එස්.කේ. බන්නැහැක ද පිළිගෙන ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ඉලක්ක වී ඇති අධික බදු පිළිබඳ ගැටලුවට විසඳුමක් නොලැබීම මත මෙලෙස විභාග ඇගයීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ය.

තව ද මෙමම තීරණය මුඛ්‍ය අරමුණ අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත සහ ගුණාත්මක විභාග පවත්වවා ගෙන යාමට ත්, විශ්වවිද්‍යාල තුළ ද ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවකාශය ශ්‍රී ලාංකේය දරුවන්ට ලබා දීමේ අරමුණින් සිදු කරන්නක් මිස ආචාර්යවරුන්ගේ අද දවසේ පෞද්ගලික උවමනාවක් මත ගත් තීරණයක් නොවන බව ඔහු සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර සාකච්ඡා කළ යුතු බව ය.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ විභාගවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට හානියක් නොවන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය මෙම විභාග කටයුතුවලට ලබා ගැනීමට අදාළ පාර්ශව කටයුතු කළ යුතු බව ත් ඇය සඳහන් කර ඇත.

එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්පම්ලනය වෙතින් සභාපතිනිය ඉල්ලා ඇත්තේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් මෙම අවස්ථාවේ ඉවත් නොවී තම ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාමාර්ගය උසස් පෙළ පිළිතුරු ඇගයීම් අවසන් වන තෙක් කල් දමන ලෙස ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here