Home Local News Room : යාචකයෙන් වගේ ආපු පුතාගේ ගොළු බව නිටාවටම සුව කල...

News Room : යාචකයෙන් වගේ ආපු පුතාගේ ගොළු බව නිටාවටම සුව කල පානදුර නුගේගොඩ බස් රථයේ රියැදුරු මහතා

2
0

අද මම නුගේගොඩ සිට නිවස දක්වා පැමිණෙමින් සිටියෙමි. මා ඒ සඳහා තෝරාගත්තේ නුගේගොඩ පානදුර 183 බස් රථයකි.. වෙලාව මධ්‍යාහ්නය ආසන්න වෙමින් පැවතිණ.. බස් රථයේ එතරම් සෙනඟ සිටියේත් නැත. පසුවූයේ ගල්කිස්සයි..

බස් රථයට ගොඩවූයේ හිඟමන් යදින යුවලකි.. කොල්ලා අවුරුදු 28-30 ක් පමණ වයසේ පසුවිය. ගැහැණිය අවුරුදු 50 ඉක්මවූ කාන්තාවක් බව බැලූ බැල්මටම පෙනිණ. එම කාන්තාව හඬ අවදිකලාය..

” අනේ මහත්තයෝ.. මේ මගෙ එකම පුතා.. වයස අවුරුදු 25 ක් වෙනවා.. මේ කොල්ලට උප්පත්තියේ ඉඳන්ම කතා කරන්න බෑ.. ගොළුයි.. තැනකට ගිහින් දෑතෙ රස්සාවක් කරන්නත් බෑ.. අපේ ගෙවල් අවිස්සාවේල්ලෙ.. බස් වලට නැඟල ඔය නෝනා මහත්තුරු දෙන පුංචි ආධාරයෙන් තමයි අපි දෙන්න ජීවත් වෙන්නෙ..”

ඔය අතර එම පිරිමි දරුවා අම්මා කිය්න දේ එතරම් ගනන් ගන්නෙ නෑතුව පොඩි එකෙකු සේ ඔලුව කසමින් සිටියේය. බැලූ බැල්මටම කතාව ඇත්ත සේය.. තවමත් ඇය කතා කරමින් සිටියාය..

ඔය අතර බස් රථයේ රියැදුරු මහතා තරමක් වේගය වැඩි කලේ පිටුපසින් එන පානදුර පිටකොටුව බස් එක දැක්ක නිසා විය යුතුය..

එසැනින්ම පාර අයිනේ නවතා තිබූ ත්‍රීවීල් එකක් එක් වරම පාරට රිවස් එකක් ගැහුවේ ඩ්‍රයිවර්ට කරකියා ගත නොහැකි වෙලාවකය.. එතුමාට තිබ්බ එකම පිළිසරණ බ්‍රේක් එක පමණි.

“අම්මට හු#$න්න.. අම්මෝ මගෙ අත”

බස් රථයේ ඉදිරි දොර දිශාවෙන් ඇසින.. කෙතරම් ආශ්චර්යක්ද? උපන්දා සිට ගොළුවෙක්ව සිටි එම තරුණයා පලමු වචනය කථා කලේය. ඒකත් පොඩි උන් කතා කරන්න පටන් ගන්නවා සේ අම්මට කියාය..

එතරම් උපකාරයක් කල රියැදුරු මහතාට සිනහවකින් හෝ උපකාර නොකර ජීවිතයේ කවදාවත් නෑසූ කුණුහරප රාශියකින් කාටදෝ බැන බැන එම අම්මයි පුතයි බසයෙන් බැස ගියෝය..😁

හේමන්ත ගුණසේකර..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here