Home Local News Room : ජුනි 19 සිට සති දෙකකට බාර් වැසේ

News Room : ජුනි 19 සිට සති දෙකකට බාර් වැසේ

2
0

එළඹෙන ජුනි 19 වැනි දා සිට ජුලි 04 වැනි දා දක්වා කාලය අතරතුර කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබේ.

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය පැවැත්වෙන කාලය තුළ ඇසල උත්සව භුමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කණ්ඩායම් ඇසළ උත්සව භූමිය සහ අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇත.

මේ අතර කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශවල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදියේ 1913 යන දුරකථනය අංකය පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘත කර තබන බවත් එම දෙපාර්ත්මේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here