“නවතා දැමූ” සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අද (මැයි 30) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.
ඔහු සඳහන් කළේ, පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදු කළ සංචාරයට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත් බව ය.
“පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළදී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යාමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම අනුමැතිය ලබාගත්තා කැබිනට් මණ්ඩලයේ.
ඒ වගේ ම, ජපාන සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරාජ්‍යයක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදුකරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩිකර ආර්ථික සහයෝගිතාව වැඩිකර ගන්නත් අදාළ වන ඵලදායි විදෙස් සංචාරයක නිරත වු බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.”