Home Local News Room : ගාල්ලේදී පොලිසිය සමග ගැටුණු තරුණයෙකුගේ කටට වෙඩි

News Room : ගාල්ලේදී පොලිසිය සමග ගැටුණු තරුණයෙකුගේ කටට වෙඩි

2
0

ගාල්ල, අක්මීමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (ජූනි 10) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල, ජ්‍යෙෂ්ඨ පෙලිස් අධිකාරි කාර්යාලය පවසයි.

ඩෙඩි වැදීමෙන් තුවාල ලබා මෙසේ රෝහල්ගත කර ඇත්තේ, අක්මීමණ, වංචාවල, මීගොඩ පදිංචිකරුවෙකු වන 21 හැවිරිදි පුද්ගලයෙකි.

අක්මීමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 11.30ට පමණ පොලිස් යතුරුපැදියෙන් දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ නුගදූව සිට අක්මීමණ දෙසට ගමන් කරමින් සිටියදී ස්කූටර් වර්ගයේ යතුරුපැදිකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ නතර කර ගෙන සිටියදී පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇත.

එවිට යතුරුපැදිය පණ ගන්වා ඔවුන් දෙදෙනා පළා යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් යතුරුපැදිය නතර කිරීමට සූදානම් වූ විට යතුරුපැදියේ පසු පැදිකරු පොලිස් නිලධාරීන් සමග පොර බැදීමක් සිදුව ඇති බව ත් එහිදී තුවාල ලබා ඇති එම පුද්ගලයා යමක් අතට ගෙන පොලිස් නිලධාරින් දෙසට විසි කිරීමට උත්සහ කර ඇති බව ත් ඒ සමග ම පොලිස් නිලධාරියෙකු රාජකාරී පැති අවියෙන් වෙඩි තැබීම සිදුකර ඇති බව ත් පොලිසිය පවසයි.

එම අවස්ථාවේ යතුරුපැදිය පදවා ගෙන පැමිණ ඇති, වංචාවල මීගොඩ පදිංචි 18 හැවිරිදි තරුණයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පසුව තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ වම් හක්කට වැදී ඇති උණ්ඩයක් දකුණු හක්කෙන් පිටව ගොස් ඇති බව ය.

මේ අතර, ගාල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ (සොකෝ) නිලධාරීන් පැමිණ අද අලුයම සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරිමේදී ඒ අවට තිබූ ටී 56 උණ්ඩ 105ක් සහිත පාර්සලයක් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

  • එස්. දීයගහගේ – අහංගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here